Upwork Engine
About Course
Upwork Engine – Top Rated Freelancer කෙනෙක් වීමේ රහස!
Proposals 50ක්, 100ක් යැව්වට Reply එකක්වත් නැද්ද? රෑ මුළුල්ලේ වැඩ කරලා මාසෙකට ලක්ෂ එකහමාරක් වගේ හම්බ කරන්න හිතනවද? $10, $20 gigs වලට stuck වෙලා ඔයාගේ skills අපතේහරිනවද?
ඔයාට talent නෑ කියලා හිතන්න එපා. Problem එක ඔයා නෙවේ!
ඔයා play කරන විදිය තමයි වෙනස් වෙන්න ඕන!
Upwork එකෙන් වැඩ ගන්න top earnersල – මම කතා කරන්නේ මාසෙකට $10k, $20k උපයන අය ගැන. එයාලට magic powers නෑ. වැඩිපුර වැඩ කරන එකෙන් නෙවේ එහෙම වුනේ .
Smart වැඩ කරන එකෙන්. සාර්ථක System එකක් ගොඩනගපු නිසා.

Upwork Engine කියන්නෙ මොකක්ද?
UpworkEngine කියන්නෙ මම undergraduate කෙනෙක් විදියට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරේම පටන් ගත්ත freelancing journey එකෙන්, මේ වෙද්දී මිලියන ගණනින් මුදල් උපයන්න හැකි වුනු විද්‍යාත්මක යාන්ත්‍රණයට. මේ system එක දැන් සෑහෙන්න සියුම් විදියට යාවත්කාලීන වෙලා තියනව, AI tools වලින් වේගවත් වෙලා තියනව, මම ඒ නිසාම තමයි මේ system එක ඔයාලටම ගොඩනගා ගන්න පුළුවන් විදිය ගැන උගන්වන්න ආරම්භ කලේ.

මේ system එක පාවිච්චි කරලා මම USA digital marketing agencies, European clients – Swiss, Sweden, Italy වගේ රටවල High-Piad Client ල සමග සෘජුවම වැඩකටයුතු කරගෙන යනවා. අන්න ඒ නිසාම මට මාසිකව හොද stable income එකක් ගොඩනගාගන්න හැකියාව ලැබුනා. Freelance Platforms මතම depend වෙලා, වැඩ එයිද නැද්ද කියල බයෙන් ඉන්න අවශ්‍ය නෑ. නමුත් මේ සියල්ල පටන් ගත්තේ Upwork වලින් ආපු connections වලින්. ඔයාටත් හරිවිදියට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කොහොමද කියල step-by-step මම ඔයාලට කියල දෙනවා.
ඒ විතරක් නෙවේ මේ system එක, මම manage කරන International YouTube Channel එකකට යොදාගෙන, ‘Printful’, “Design.com” වගේ Reputable Brand Partnerships හරහා AdSense වලට වඩා වැඩි income එකක් direct sponsorships වලින් ගන්න පුළුවන් වුනා.
මේ හැම දෙයක්ම නැවත නැවතත් කරන්න පුළුවන්, Proven Repetable System එකක්. ඔයාටත් පුළුවන්!
Upwork Engine කියන්නේ අන්න ඒ system එකට .
මේක ගැලපෙන්නෙ කාටද?
ඔයා After O/L, A/L, එහෙම නැත්තන් මම පටන් ගත්තු කාලය වගේ Campus ඉගෙන ගන්න සිසුවෙක්, එහෙම නැත්තන් Degree එක ඉවර වෙලා job එකක් කරන්න ඉන්න කෙනෙක්, දැනටමත් job එකක් කරන එත් තව extra income එකක් අවශ්‍ය කෙනෙක්.
මේ කවුරු වුනත් ඔයාට ඕන high-paid clients ලව හොයාගෙන හොඳ stedy income එකකට යන්න නම්, #UpworkEngine ඔයාට හරියටම ගැලපෙනව. මම මේ workflow එක ජාත්‍යන්තර මට්ටමෙන් projects ගොඩකට සාර්ථකව පාවිච්චි කරල තියනව.
හෝව් හෝව්, ජාත්‍යන්තර මට්ටමෙන් ලොකු අතු අල්ලන්න තරම් මම තාම පොඩි වැඩියි කියලා බය වෙන්න එපා! අපි ඒ බය සහමුලින්ම නැති කරලා දාමු. මම විශ්වාස කරන දෙයක් තමයි ඕනම දේකට අපි බය වෙන්නේ අත්දැකීම් නැති කමටත් වඩා, ඔයා කරන්න යන වැඩේ ගැන හරි දැනුමක්, අවබෝදයක් නැති නිසා. ඉතින් ඒ බය නැති කිරීමේ මාර්ගය තමයි, මේ ගැන හරියට දැනුවත් වෙන එක.
Freelancer කෙනෙක් ප්‍රධාන වශයෙන් සල්ලි හොයන්නෙ තමන්ගේ skills, භාණ්ඩයක් හෝ සේවාවක් එක්ක connect කරල. Upwork, Fiverr වගේ platforms වලින් ආදායම එන්නෙ එහෙම. හැබැයි ඔයාට පුළුවන් නම් කෙලින්ම clients ලත් එක්ක partnerships හදාගන්න, ඒක සෑහෙන්න වටින golden opportunity එකක්.
මේ වගේ long-term client relationships හදාගන්න, beyond Upwork වැඩ කරන්න, ඒකට තමන්ගේ skills develop කරගෙන expert කෙනෙක් වෙන්න #UpworkEngine පාවිච්චි කරන්න පුළුවන්, දැනටමත් ගොඩක් අය එහෙම කරනව.
උදාහරණයක් දෙන්නම්:
Sweden client කෙනෙක් එක්ක මම Upwork එකේ Project එකක් කළා. ඔහු තමන්ගේම creative agency එක හදන්න විශ්වසදායී, දක්ෂ පුද්ගලයෙක් හොයමින් හිටියේ. මම Upwork Engine system එක පාවිච්චි කරලා, expert විදියට ඔහුට උදව් කළා. දැන් මම ඔහුගේ main service provider. මේ වගේ opportunities තමයි මේ system එකෙන් unlock වෙන්නේ. ඔයාටත් අනිවාර්යෙන් මේ වගේ අවස්ථා උදාකරගන්න පුළුවන්. ඒකට හොදම platform එකක් තමයි Upwork.
තව උදාහරණයක්: ඔයා skilled developer කෙනෙක්, designer කෙනෙක්, video editor කෙනෙක්. ඔයා low-paying gigs කරනව, රෑ මුළුල්ලේ වැඩ කරනව, health issues එනව, හැබැයි income එක stable නෑ. ගොඩක් දක්ෂ freelancers ලට මේ ප්‍රශ්න තියෙනවා. මටත් එහෙම කාලයක් තිබුනා. මේ තමයි ගොඩක් අය කතානොකරන freelancing වල අදුරු පැතිකඩ.
හැබැයි හොද system එකක් තිබ්බොත්? High-paying clients ලගේ වැඩ කරන්න පුළුවන් නම්? Long-term partnerships තිබ්බොත්? ඒක තමයි #UpworkEngine training program එක හරහා උගන්වන්නේ.
Developing side එකේ ඉන්න අයට ඇත්තටම මේ program එකෙන් වැඩක් තියේද ?
මම professinal video editor කෙනෙක්, ඒ කියන්නේ creative field එකේ වැඩ කරන කෙනෙක්. ඉතින් developing side එකේ ඉන්න කෙනෙක්ට Upwork-Engine හරහා හරි guide එකක් ලැබේවිද කියල හිත ඇතුලේ කුකුසක් ඔයාට තියෙන්න පුළුවන්.
මෙතැනදී ඔයා තනි නෑ, කලින් මම කරපු Upwork-Engine live batches වල හිටපු developers ලටත් program එකට join වෙද්දී ඔය ගැටලුව තිබුනා.
ඒ අතර SE කරන ශිෂ්‍යයෝ, Cloud Engineering, Web Development, App Development සහ Full Stack Developing කරන දක්ෂ පිරිසක් හිටියා. ඔවුන් හැමෝම අවසානයේ තමන්ගේ Upwork Profile එක හොද තැනකට ගෙන්න වගේම, program එක යන අතරතුරේම තමන්ගේ පලවෙනි job එකත් ලබාගන්න කිහිපදෙනෙක්ට හැකි වුනා!
ඔයා පල්ලෙහා program content එක බැලුවොත් පෙනේවි, මම අපේ වැඩේට AI භාවිතා කරන විදිය වගේම සමහර කාලය ගත වෙන tasks කොහොමද automate කරගන්න පුළුවන් සහ ඒ හරහා අනිත් යට වඩා ඉදිරියෙන් සහ වේගයෙන් ඔයාලට jobs ගන්න පුළුවන්, හොද clients ලව හොයාගන්න පුළුවන් අකාරය ගැනත් කියල දෙනවා. මේ දේවල් ඇත්තම ඔයාලට තමයි ලේසියෙන්ම implement කරලා game එක up කරන්න පුළුවන්!
ඔයාව හරියට තේරුම් අරන් මේ වැඩේ කියල දෙන්න මට පුළුවන් වුනේ first hand මම Technical Background එකකින් එන කෙනෙක් වීම නිසා. O/L කරලා ඉවර වුනු ගමන් A/L කරන අතරතුරේම තමයි මම SE ඉගෙන ගන්න පටන් ගත්තේ. After A/L මම Network & Systems Administration Diploma එකක් අවසන් කරලා, Cyber Security Field එකෙන් Degree එක සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණා.
Developer කෙනෙක්ගේ mind එක වැඩ කරන්නේ කොහොමද කියල මම හොදාකාරවම දන්නේ අන්න ඒ නිසා. අධ්‍යාපනයේ ඇති වටිනාකම මම කොහෙත්ම අවතක්සේරු කරන්නේ නෑ. මොකද video editor කෙනක් විදියට සමහර වැඩ කරද්දී, අනිත් අයට වඩා management සහ technical side එකෙන්, ඉදිරියෙන් මාව position කරන්න පුළුවන් වුනේ ඒ හේතුව නිසා. අදටත් මම video editing field එකේ වගේම AI සහ Automation workflows ගැන Actively ඉගෙන ගන්නේ එහි වටිනාකම ගැන හොදින්ම අවබෝදයක් ඇති නිසා.
ඔයත් අනිවාර්යෙන් එහෙම කෙනෙක් කියල මම දන්නවා. ඒ නිසාම තමයි Upwork Engine Program එකත් එක්ක join වෙලා සාර්ථක ගමනක් යන්න ඔයාටත් පුළුවන්!

#UpworkEngine වල අන්තර්ගතය?
Day 1 – ඔයාගේ Profitable Micro-Niche හොයාගන්න
Upwork, Fiverr වගේ platforms වල big competition තියනව. ඔයා ඒ competition එකෙන් 99% eliminate කරන්න ඕන. කොහොමද? ඔයාට හරිම ලාභදායී profitable micro-niche එක හඳුනාගෙන, go-to expert කෙනෙක් විදියට position වෙන එක මගින්. Global talent marketplace එකේ පෙනී හිටින්න පුළුවන් විදිය මම කියල දෙන්නම්.
Day 2 – AI වලින් Expert කෙනෙක් වෙන්න – Special Day!
ගොඩක් වෙලාවට අපි කරන ලොකු වැරද්දක් තමයි, course එකක් හෝ degree එකක් අවසන් කරල තවදුරටත් ඉගෙනගැනීම නවත්තන එක. මේ හේතුව නිසා life එකේ ඔයාට එන ගොඩක් හොඳ opportunities මග හැරෙන්න පුළුවන්.
මේ දවසේ මම කියල දෙන්නෙ AI tools භාවිතයෙන්, විශේෂයෙන් හිතල නිර්මාණය කරපු Strategy එකක් හරහා වේගයෙන් කෙටිකාලයක් ඇතුළත demanding skills develop කරගන්න හැටි. මේකෙන් ඔයා high-quality projects වලට obvious choice කෙනා වෙනව.
ඒ විතරක් නෙවේ, ඔයාලට එන projects ලේසියෙන්, වැඩි කාලයක් ගන්නේ නැතුව කරන්න පුළුවන් expert AI assistant කෙනෙක් හරි විදියට නිර්මාණය කරගන්නේ කියල කියල දෙන්නම්. So you can accept projects without fear.
මම මගේ taxes pay කරන්නෙත් මේ method එක පාවිච්චි කරල. මේක එච්චර powerful!
Day 3 – Upwork Platform Master කරන්න
Freelancing කියන්නේ war field එකක් වගේ. මම ඔයාලව හොද සටන්කාමියෙක් විදියට train කරවල, අවි ආයුධ වලින් සන්නද්ධ කරල තමයි යුධ පිටියට අවතීර්ණ කරන්නේ. එතකොට ඔයා පරදින්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි.
ගොඩක් freelancers ලගේ තියෙන method එක – low gigs, more jobs, outsource කරනව, quality issues එනව, රෑ වැඩ කරනව, හැබැයි health issues, unstable income. AI එනකොට වැඩ නැති වෙන්න පුළුවන්. මාත් එක්ක කතා කරන ගොඩක් දක්ෂ freelancers ලට මේ වැඩේ වෙලා තියෙනවා.
ඇයි Upwork?
Flexibility, earn for your worth (hourly jobs), payments direct bank account එකට (wallets එපා), වගේ ගොඩක් advantages තියනව.
මේ දවසේ මම කියල දෙන්නෙ ඔයාගේ Upwork profile එක SEO optimize කරන හැටි, Upwork algorithm එකෙන් pick වෙන හැටි, portfolio හදන හැටි, high-quality clients attract කරන powerful magnet එකක් හදන හැටි. වැඩිපුර Upwork invitations ලබාගන්න රහස්.
Day 4 – Sniper Training – Craft Irresistible Proposals
ගොඩක් අය අහන ප්‍රශ්නය – “proposals කොහොමද ලියන්නේ?”
මම ඔයාට cover letter templates දෙන්නේ නෑ, cause that’s not going to work. මේක ලොකුම වැරද්ද. ඒක හරියට T56 අරන් ඉලක්කයක් නැතුව ඔහේ වෙඩි තියනවා වගේ වැඩක්.
මම උගන්වන්නෙ “sniper” method එක. හරි jobs identify කරල, client-focused proposals ලියන හැටි. ඒක හරියට ඔයා දක්ෂ sniper කෙනෙක් වගේ හොඳින් නිරීක්ෂණය කරල, ඉවසීමෙන් ඔයාගේ ඉලක්කය ගන්නවා වගේ වැඩක්. Plus, AI පාවිච්චි කරලා මේ වැඩේ fast and easy විදියට කරන හැටි.
Day 5 – Master Client Relationships
Projects manage කරන හැටි, one-off gigs long-term partnerships බවට පත් කරන හැටි. Upwork ඔක්කොම ඉක්මවලා direct connections හදාගන්න හැටි – මම කරපු විදිය.
Clients ලත් එක්ක ගනුදෙනු කරද්දී Golden Rule එක තමයි හොඳ විශ්වාසය ගොඩනගන්න එක. ඕනම client කෙනෙක්ට අපිත් එක්ක වැඩ කරන එක ලේසි වෙන්න ඕන. අපි නිතරම එයාගෙන් හැමදේම අහල වැඩ කරන එක හරියන්නේ නෑ. ඒ client ගැන, project එක ගැන හොඳ research එකක් කරන එක ගොඩක් වැදගත්.
මේ වැඩේ හරියට තිතටම කරන විදිය මම කියල දෙන්නම්.
ගොඩක් වෙලාවට මාත් එක්ක වැඩ කරන clients ලගෙන් revisions එනවා නෑ, ප්‍රශ්න එන්නේත් නැති තරම්. මේ skill එක ඔයාලටත් හදාගන්න පුළුවන් විදිය කියල දෙන්නම්. මොකද මේක මමත් උප්පත්තියෙන් අරන් ආපු හැකියාවක් නෙවේ. මහන්සිවෙලා හදාගත්තු skill එකක්.
මගේ final goal තමයි ඔයාට හොඳ high-paid long-term client base එකක් හොයාදෙන එක. So you don’t have to worry about money.
Day 6 – Engineer Your Freelance Lifestyle
Freelancer mindset, වෙනස්ම field එකක්. අපිට එන ප්‍රශ්නත් ගොඩක් unique.
ඔයාට මේ මාසේ වියදම් ගැන හරි අවබෝධයක් නැද්ද? මොනවටද මේ සල්ලි වාශප වුනේ කියල හිතිල තියෙද? ඒ විතරක් නෙවේ, ඊළග මාසෙට කොච්චර වියදමක් යයිද කියල අදහසක් නැද්ද? මේ තමයි financial anxiety.
හරි සරල practice එකකින් මේක සදහටම නැති කරල දාන්න පුළුවන්.
Income manage කරන හැටි, software, subscriptions, taxes handle කරන practical solutions, physical & mental health balance කරගෙන work කරන හැටි.
We are humans, that’s why we use AI and systems.
Exclusive community එකට join වෙන්න, network of peers එක්ක ඔයාගේ progress share කරන්න, problems solve කරන්න. You have my full support continually there also.
කොහොමද සම්බන්ධ වෙන්නෙ?
මේ page එකේ පහළට ගිහින් payment එක කරන්න. Payment එක කරාම Library එකට access තියනව, එතනින් සියලුම Live Zoom sessions වලට join වෙන්න පුළුවන්.
Resources වල Discord server එකට සම්බන්ධ වෙන්න link එකක් තියනව. අපිට ඕන වෙන document templates සහ අමතර දේවල් ඔක්කොම තියෙන්නෙ එතන.
Payment කරාට පස්සෙ, සදහටම පාඩම් ඔක්කොටම + Discord Server එකට + Future updates වලටත් access තියනව.
ඔයා ඉගෙන ගන්න මේ #UpworkEngine workflow එක මමත් දිනපතා පාවිච්චි කරනව, ඒ නිසාම ඒකට අලුත් අලුත් දේවල් එකතු වෙනව. ඒව මම Discord server එකේ update කරනව, live zoom meeting එකක් දාල කියනව සහ sessions වල recordings අලුත් කරනව. මේ ඔක්කොටමත් ඔයාට සදහටම access තියනව.
මේක ටිකක් අමාරු වැඩක්, සංකීර්ණ හැකියා ගොන්නක් හදාගන්න තියනව, මම උත්සාහ කරන්නම් ඔයාගේ ගමන පුළුවන් තරම් ලේසි කරන්න.
එහෙනම්, #UpworkEngine Day 1 වලින් හම්බ වෙමු!
Course Content
Training Sessions
-
Day 01: Seek Your Opportunity
00:00